Posts

කොහොඹාකංකාරිය

Image
  කොහොඹාකංකාරිය.... කොහොඹා කංකාරිය කොහොඹ දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන  සංකීර්ණ වූත් චිත්තාකර්ශනීය වුත්  යාතුකර්මයකි . සතර  කෝරළය, සත් කෝරළය ,උඩුනුවර ,යටිනුවර, හොවාහැට, පාතදුම්බර, හාරිස්පත්තුව දේශයන්හි මෙම යාතු කර්මය පවත්වනු ලබති. නියඟයක් අපල උපද්‍රවයක් වළක්වනු පිණිස ගමට සෙත් පතා පවත්වන ලබන්නකි. කොහොඹා කංකාරිය උපතට තුඩු දුන් පුවත මෙසේය. විජය රජු කුවේණිය දුන් පොරොන්දු කඩ කොට දරු දෙන්නා සමග ඔවුන් පලවා හැරීම් නිසා කුවේණිය විසින් රජුට ශාප කරන ලදී. මෙම සාපය පඩුවස්දෙව් රජුට බලපා ඇති බවත් ඉන් පඩුවස්දෙව් රජු රෝගාතුර වූ බවත් කියැවේ. මේ බව දැනගත් සක්දෙව් රජු මෙය සුව කළ හැක්කේ මලය රජුට පමණක් බව දැන ගත්තේය. මලය රජතුමා ගෙන්වා ගැනීමේ කාර්යය ඊශ්වර ට භාර දෙන ලදී සක්දෙව් රජුගේ නියෝගය පිළිගත් ඊශ්වර මලය රජු ගෙන්වීමට  උපක්‍රමයක් යොදන ලෙස  රාහු අසුරේන්ද්‍රට පවරන ලදී. උරු වෙසක් මවා ගත්තත රාහු අසුරේන්ද්‍රයා මලය රජුගේ මඟුල් උයන පරික්ෂා කරන්නට විය. උයන්පල්ලා මේ පිලිපන්දව මලය රජුට  සැළකර සිටි හෙයින් රජුගේ සොහොයුරන් වන සදසිරු හා කිරිසිරු හා තවත්  දසදහසක් පිරිසද සමග  මලය...